☸️ නේවාසික ධර්ම විනය අධ්‍යයන වැඩසටහන සඳහා අප සරසවිය සමග සම්බන්ධ විය හැක්කේ භික්‍ෂූන් වහන්සේලාට හා සාමණේර ස්වාමීන් වහන්සේලාට පමණක් බව මෛත්‍රියෙන් සිහිපත් කර සිටිමු.
☸️ මෙම නේවාසික ධර්ම විනය අධ්‍යයන වැඩසටහන අප සරසවිය යටතේ ක්‍රියාත්මක වන ආරාමික ත්‍රිපිටක ධර්ම පීඨය මගින් සිදුකරන අතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින් පනවා වදාළ ආණා ශික්ෂාවන් මැනවින් දැන ඉගෙන සීලවන්ත ධාර්මික පැවිදි ජීවිතයකට මගහසර කියා දෙන විනය පරියාප්තිද, තථාගතප්පවේදිත ශ්‍රී සද්ධර්මය මැනවින් දැන ඉගෙන සමථ විපස්සනා ප්‍රතිපත්ති නයින් ප්‍රතිවේදයට මග කියන සූත්‍ර අභිධර්ම පරියාප්තියද ඇතුළත් පරියාප්ති හා ප්‍රතිපත්තිමය වැඩසටහනකි.
☸️ නේවාසිකව නැවතී සිට ධර්ම අධ්‍යාපනය ලැබීමට කැමති භික්ෂූන් වහන්සේලා හා සාමණේර ස්වාමීන් වහන්සේලා පහත සඳහන් ලිපි ලේඛන අයදුම් පත සමඟ අප වෙත යොමු කළ යුතු බව සිහිපත් කරමු.
👉 උපසම්පන්න භික්ෂූන් වහන්සේලා උපසම්පදා සහතිකයේ පිටපතක්. සාමණේර ස්වාමීන් වහන්සේලා සාමණේර සහතිකයේ පිටපතක්.
👉 ජාතික හැඳුනුම්පතේ පිටපතක්.
👉 වස් පහක් නොපිරුණු භික්ෂූන් වහන්සේලා හා සාමණේර ස්වාමීන් වහන්සේලා ස්වකීය ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාගෙන් හො නේවාසිකව වැඩ සිටින විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගෙන් අප සරසවියේ ත්‍රිපිටක අධ්‍යනය වැඩසටහන් පවත්වන සේනාසනයට අනුයුක්ත වීමට කැමැත්ත පළ කරන ලද ලිපියක්.
පහත අයදුම් පත පිරවීමට පළමුව ආරාමික ත්‍රිපිටක ධර්ම පීඨය සමග දුරකථන මාර්ගයෙන් හෝ වට්සැප් මාර්ගයෙන් සම්බන්ධ වී වැඩිදුර තොරතුරු දැන ගැනීමට කාරුණික වන ලෙස ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලා සිටිමු.
නේවාසික ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහන් අයදුම් පත්‍රය -