atdf
ATD


අතිගරු පූජනීය ආචාර්යයන් වහන්සේලා කිහිප නමකගෙන් ආරම්භ කරන ලද  ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ත්‍රිපිටක ධර්ම අධ්‍යන කටයුතු කාලයාගේ ඇවෑමෙන් ත්‍රිපිටක විශාරද උපාධි,  ත්‍රිපිටකාචාර්ය උපාධි ලබාගත් බොහෝ සඟ පිරිසක් නවක සඟ පිරිසට ත්‍රිපිටක ධර්ම දැනුම ලබා දෙමින් පරියාප්ති සාසනය ආරක්ෂා කර ගත්හ. පරියාප්තියෙන් ප්‍රතිපත්තියත්, ප්‍රතිපත්තියෙන් ප්‍රතිවේධයත් පිණිස උත්සාහ වූහ. 

       මෙසේ මේ ගුරු පරපුරෙන් පැමිණි ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ත්‍රිපිටක ධර්ම අධ්‍යන කටයුතු තවදුරටත් නොසිදී ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා මෙම ආරාමික ත්‍රිපිටක ධර්ම පීඨය ආරම්භ කරන ලදී. අට්ඨකථා සහිත ථෙරවාදී ත්‍රිපිටක ධර්මය සමග විවිධ භාෂා ශාස්ත්‍රයන්ද, සුවිශේෂී ධර්ම කොට්ඨාස හා ධර්ම ග්‍රන්ථයන් ද, නූතන ලෝකයේ සාසන කටයුතු සඳහා අවැසි තාක්ෂණික දැනුමද ඉතාම පිරිසිදුව පිළිවෙලකට මෙම ආරාමික ත්‍රිපිටක ධර්ම පීඨය මගින් ගිහි පැවිදි දෙපක්ෂයටම ලබාදීම සිදුකරයි. අපගේ අධ්‍යයන කටයුතු පහත අධ්‍යයන අංශ මගින් සිදු කරනු ලබයි. 

🔰විනය පිටක අධ්‍යාපන අංශය
🔰සූත්‍ර පිටක අධ්‍යාපන අංශය
🔰අභිධර්ම පිටක අධ්‍යාපන අංශය

ආරාමික ත්‍රිපිටක ධර්ම පීඨයේ නේවාසික අධ්‍යයන කටයුතු පහත අධ්‍යයන අංශ හරහා සිදු කරණු ලබයි.

vinaya pitaka1


නේවාසික විනය අධ්‍යයන වැඩසටහන සඳහා අප සරසවිය සමග සම්බන්ධ විය හැක්කේ භික්‍ෂූන් වහන්සේලාට හා සාමණේර ස්වාමීන් වහන්සේලාට පමණක් බව මෛත්‍රියෙන් සිහිපත් කර සිටිමු.

මෙම නේවාසික විනය අධ්‍යයන වැඩසටහන අප සරසවිය යටතේ ක්‍රියාත්මක වන ආරාමික ත්‍රිපිටක ධර්ම පීඨය මගින් සිදුකරන අතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින් පනවා වදාළ ආණා ශික්ෂාවන් මැනවින් දැන ඉගෙන සීලවන්ත ධාර්මික පැවිදි ජීවිතයකට මගහසර කියා දෙන විනය පරියාප්ති හා ප්‍රතිපත්තිමය වැඩසටහනකි. මෙම වැඩසටහ මගින් විෂය ක්ෂේත්‍ර තුනක් ආවරණය කෙරේ. එනම්👉

1. අට්ඨකථාව සහිත විනය පිටකය පරිවර්තන හැකියාව (පාලි භාෂාව හා පාලි ව්‍යාකරණ පිළිබඳ මනා දැනුමක් ලබාදී විනය පෙළ පොත් හා විනය අට්ඨකථාව සහිත විනය ටීකා ග්‍රන්ථ පරිවර්තනය කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීම)

2. විනය නිධාන, පඤ්ඤත්ති, අනුපඤ්ඤත්ති, නිද්දේස, විභංග, තික පරිච්ඡේද, අන්තරාපත්ති, අනාපත්ති, විනීත වත්ථු, ඛන්ධක, පරිවාර ආදී සියලු විනය කරුණු සම්බන්ධව පරියාප්ති දැනුම ලබාදීම. (සාට්ඨකථා විනය පිටකය, ටීකා ග්‍රන්ථ, අනුටීකා ග්‍රන්ථ හා පරිවාර ග්‍රන්ථ පරිශීලනය සඳහා භික්‍ෂූන් වහන්සේලා පුහුණු කිරීම)

3. භික්ෂු භික්‍ෂුණී විභංගයන් හා ඛන්ධක, පරිවාර ආදියෙහි එන විනය කර්ම පිළිබඳ ප්‍රායෝගික පුහුණුව හා විනය කරුණු ප්‍රායෝගිකව යොදා ගන්නා ආකාරය පිළිබඳව භික්‍ෂූන් වහන්සේලාට මනා පුහුණුවක් ලබාදීම. (ඒ ඒ විනය කර්ම හා විනය කරුණු සම්බන්ධව ප්‍රකටව පවතින විනය විනිශ්චයන්, සම්ප්‍රදායික මති මතාන්තර, ආචාර්ය වාද හා ආචාර්ය උපදෙස් පිළිබඳ දැනුවත් කිරීම)

මෙම විනය අධ්‍යයන පාඨමාලාවන් සාර්ථකව අවසන් කරන භික්ෂූන් වහන්සේලාට බෞද්ධ රාජකීය සරසවියෙන් පිරිනමනු ලබන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගනු ලබන වටිනා සහතික පත් සමග විනයාචාර්ය උපාධිය හා විනය විශාරද උපාධිය ලබා ගැනීමට අවස්ථාව ඇත. ඒ සඳහා බෞද්ධ රාජකීය සරසවිය මගින් ඉදිරිපත් කරනු ලබන මාතෘකා ඔස්සේ නිබන්ධන සකස් කිරීම හා විභාග වලට පෙනී සිටීම සිදු කළ යුතු අතර විනය විශාරද උපාධිය සඳහා සරසවිය මගින් දෙනු ලබන මාතෘකාවක් ඔස්සේ පර්යේෂණ ග්‍රන්ථයක් සකස් කිරීම යනාදිය ඇතුළත් විය හැක.

එසේම ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව මගින් පවත්වනු ලබන විනයාචාර්යය හා විනය විශාරද විභාගයන් සඳහා ඉදිරිපත් වීමටත්, අනෙකුත් විනය විභාගයන් සඳහා ඉදිරිපත්වීමටත් කැමති විද්‍යාර්ථයන්හට අවස්ථාව සලසා දිය හැක.

☸️ අන්තර්ගත පාඨමාලා

🎓 විනය ආරම්භක පාඨමාලාව
🎓 පාරාජික පාලි අධ්‍යයන පාඨමාලාව
🎓 පාචිත්තිය පාලි අධ්‍යයන පාඨමාලාව
🎓 මහාවග්ග පාලි අධ්‍යයන පාඨමාලාව
🎓 චුල්ලවග්ග පාලි අධ්‍යයන පාඨමාලාව
🎓 පරිවාර පාලි අධ්‍යයන පාඨමාලාව
🎓 විනය කර්ම ප්‍රායෝගික පුහුණු පාඨමාලාව
🎓 විනයාචාර්ය ප්‍රාරම්භ විභාගයේ ආදර්ශ ප්‍රශ්න හා පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
🎓 විනයාචාර්ය මධ්‍යම විභාගයේ ආදර්ශ ප්‍රශ්න හා පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
🎓 විනයාචාර්ය අවසාන විභාගයේ ආදර්ශ ප්‍රශ්න හා පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

☸️ අවශ්‍යතාවය පරිදි සම්බන්ධ විය හැකි පාඨමාලාවන්

🎓 පැවිදි අපේක්ෂක පුහුණු පාඨමාලාව
🎓 උපසම්පදා අපේක්ෂක පුහුණු පාඨමාලාව
🎓 විනය ටීකා අධ්‍යයන පාඨමාලාව
🎓 විනය විශාරද උපකාරක පාඨමාලාව

මෙම විනය අධ්‍යයන අංශය මගින් ථෙරවාදී විනය පිටකය අට්ඨකථා සහිතව ආචාර්ය පරම්පරානුගත ක්‍රමය නොඉක්මවා ඛුද්දානුඛුද්දක ශික්ෂාපදයන්ගේ පටන් සියලු විනය ශික්ෂාවන්ද, අපලෝකන විනය කර්මාදියේ පටන් සියලු විනය කර්මද, විනය විනිශ්චයන්ද දැන ඉගෙන ගෙන සිල්වත්ව ගුණවත්ව සියලු විනය විනිශ්චයන්හි අසංහීරව විනය විස්සර්ජන ආදියෙහි යෙදී විනයෙහි අනු කුඩා සියලු සැක සංකා දුරු කොට සම්මා සම්බුද්ධ ශාසනයට ආයුෂ එක්කරමින් ස්වකීය නිවන් මඟ සාදා ගැනීමට කැමැති සත්පුරුෂ උතුමන්ට ධර්ම පීඨයේ විනය අධ්‍යයන අංශය මගින් පවත්වනු ලබන මෙම විනය අධ්‍යයන පාඨමාලාවන් හැදෑරිය හැක. 

sutta pitaka

 
මෙම නේවාසික සූත්‍ර පිටක අධ්‍යයන වැඩසටහන් මගින් ධර්මස්කන්ධ විසිඑක්දහසක් ඇතුළත්ව පවතින පස් මහා නිකායකින් විසිතුරුව බබලන විදර්ශනා භාණ්ඩාගාරයක් බදු වූ උතුම් සූත්‍ර ධර්ම දේශනා විදර්ශනා ඥාන කුළුගන්වමින් ගුරු පරපුරෙන් ආ විසිතුරු ධර්ම කතාවෙන් සමාහිත වූ සිත් ඇතිව අරිහත්වය කෙළවර කොට නිවන් මඟ එළිපෙහෙළි කරමින් ඉගෙන ගනු කැමති පැවිදි උතුමන් වහන්සේලාට නේවාසිකවද, ගිහි පින්වතුන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ ද සම්බන්ධ විය හැක.

මෙම සූත්‍රාන්ත අධ්‍යයන පාඨමාලාවන් සාර්ථකව අවසන් කරන භික්ෂූන් වහන්සේලාට බෞද්ධ රාජකීය සරසවියෙන් පිරිනමනු ලබන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගනු ලබන වටිනා සහතික පත් සමග ධර්මාචාර්ය උපාධිය හා සූත්‍ර විශාරද උපාධිය ලබා ගැනීමට අවස්ථාව ඇත. ඒ සඳහා බෞද්ධ රාජකීය සරසවිය මගින් ඉදිරිපත් කරනු ලබන මාතෘකා ඔස්සේ නිබන්ධන සකස් කිරීම හා විභාගවලට පෙනී සිටීම සිදු කළ යුතු අතර සූත්‍ර විශාරද උපාධිය සඳහා සරසවිය මගින් දෙනු ලබන මාතෘකාවක් ඔස්සේ පර්යේෂණ ග්‍රන්ථයක් සකස් කිරීම යනාදිය ඇතුළත් විය හැක.

එසේම ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව මගින් පවත්වනු ලබන ධර්මාචාර්යය හා සූත්‍ර විශාරද විභාගයන් සඳහා ඉදිරිපත් වීමටත්, අනෙකුත් ධර්ම විභාගයන් සඳහා ඉදිරිපත්වීමටත් කැමති විද්‍යාර්ථයන්හට අවස්ථාව සලසා දිය හැක.

☸️ අන්තර්ගත පාඨමාලා

🎓 විසුද්ධි මාර්ග අධ්‍යයන ප්‍රාරම්භ පාඨමාලාව
🎓 විසුද්ධි මාර්ග අධ්‍යයන මධ්‍යයම පාඨමාලාව
🎓 විසුද්ධි මාර්ග අධ්‍යයන අවසාන පාඨමාලාව
🎓 නෙත්තිප්පකරණ අධ්‍යයන පාඨමාලාව
🎓 දීඝ නිකාය අධ්‍යයන ප්‍රාරම්භ පාඨමාලාව
🎓 දීඝ නිකාය අධ්‍යයන මධ්‍යයම පාඨමාලාව
🎓 දීඝ නිකාය අධ්‍යයන අවසාන පාඨමාලාව
🎓 මජ්ඣිම නිකාය අධ්‍යයන ප්‍රාරම්භ පාඨමාලාව
🎓 මජ්ඣිම නිකාය අධ්‍යයන මධ්‍යයම පාඨමාලාව
🎓 මජ්ඣිම නිකාය අධ්‍යයන අවසාන පාඨමාලාව
🎓 සංයුත්ත නිකාය අධ්‍යයන ප්‍රාරම්භ පාඨමාලාව
🎓 සංයුත්ත නිකාය අධ්‍යයන මධ්‍යයම පාඨමාලාව
🎓 සංයුත්ත නිකාය අධ්‍යයන අවසාන පාඨමාලාව
🎓 අඞ්ගුත්තර නිකාය අධ්‍යයන ප්‍රාරම්භ පාඨමාලාව
🎓 අඞ්ගුත්තර නිකාය මධ්‍යයම පාඨමාලාව
🎓 අඞ්ගුත්තර නිකාය අධ්‍යයන අවසාන පාඨමාලාව
🎓 ඛුද්දකපාඨපාළි අධ්‍යයන පාඨමාලාව
🎓 ධම්මපද ගාථා අධ්‍යයන පාඨමාලාව
🎓 උදානපාළි අධ්‍යයන පාඨමාලාව
🎓 ඉතිවුත්තකපාළි අධ්‍යයන පාඨමාලාව
🎓 සුත්තනිපාත අධ්‍යයන පාඨමාලාව
🎓 නිද්දේස පාළි අධ්‍යයන ප්‍රාරම්භ පාඨමාලාව
🎓 නිද්දේස පාළි අධ්‍යයන මධ්‍යයම පාඨමාලාව
🎓 නිද්දේස පාළි අධ්‍යයන අවසාන පාඨමාලාව
🎓 පටිසම්භිදාමග්ගප්පකරණ අධ්‍යයන පාඨමාලාව
🎓 පාරමිතා ධර්ම අධ්‍යයන පාඨමාලාව
🎓 බුද්ධවංශ අධ්‍යයන පාඨමාලාව
🎓 පෙටකොපදේශ අධ්‍යයන පාඨමාලාව
🎓 ධර්ම දේශනා පුහුණු පාඨමාලාව
🎓 ධර්මාචාර්ය ප්‍රාරම්භ විභාගයේ ආදර්ශ ප්‍රශ්න හා පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
🎓 ධර්මාචාර්ය මධ්‍යම විභාගයේ ආදර්ශ ප්‍රශ්න හා පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
🎓 ධර්මාචාර්ය අවසාන විභාගයේ ආදර්ශ ප්‍රශ්න හා පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
🎓 ධර්ම විශාරද උපකාරක පාඨමාලාව
🎓 සූත්‍ර ටීකා අධ්‍යයන පාඨමාලාව
යන මෙම ත්‍රිපිටක ධර්ම පීඨයේ සූත්‍ර පිටක අධ්‍යයන අංශය මගින් පවත්වනු ලබන සූත්‍ර ධර්ම අධ්‍යයන පාඨමාලාවන් හැදෑරිය හැක. 

abhidharma pitaka


මෙම නේවාසික අභිධර්ම පිටක අධ්‍යයන වැඩසටහන් මගින් ත්‍රිපිටකයෙහි ධර්මස්කන්ධ හරි අඩක් ඇතුළත්ව පවතින සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨතම ගම්භීරම දේශනාව ඉතාම පිරිසිදුව ථෙරවාදී ආචාර්ය පරම්පරාවෙන් පැමිණි අධ්‍යයන ක්‍රම වලට අනුකූලව ඉගෙන ගනු කැමති පැවිදි උතුමන් වහන්සේලාට නේවාසිකවද, ගිහි පින්වතුන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ ද සම්බන්ධ විය හැක.

මෙම පාඨමාලාවන් සාර්ථකව අවසන් කරන භික්ෂූන් වහන්සේලාට බෞද්ධ රාජකීය සරසවියෙන් පිරිනමනු ලබන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගනු ලබන වටිනා සහතික පත් සමග අභිධර්මාචාර්ය උපාධිය හා අභිධර්ම විශාරද උපාධිය ලබා ගැනීමට අවස්ථාව ඇත. ඒ සඳහා බෞද්ධ රාජකීය සරසවිය මගින් ඉදිරිපත් කරනු ලබන මාතෘකා ඔස්සේ නිබන්ධන සකස් කිරීම හා විභාගවලට පෙනී සිටීම සිදු කළ යුතු අතර අභිධර්ම විශාරද උපාධිය සඳහා සරසවිය මගින් දෙනු ලබන මාතෘකාවක් ඔස්සේ පර්යේෂණ ග්‍රන්ථයක් සකස් කිරීම යනාදිය ඇතුළත් විය හැක.

එසේම ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව මගින් පවත්වනු ලබන අභිධර්මාචාර්යය හා අභිධර්ම විශාරද විභාගයන් සඳහා ඉදිරිපත් වීමටත්, අනෙකුත් අභිධර්ම විභාගයන් සඳහා ඉදිරිපත්වීමටත් කැමති විද්‍යාර්ථයන්හට අවස්ථාව සලසා දිය හැක.

🎓 අභිධර්මයේ මූලධර්ම අධ්‍යයන පාඨමාලාව 
🎓 අභිධර්ම පිටක ආරම්භක පාඨමාලාව
🎓 ධම්මසඞ්ගණිප්පකරණ ආරම්භක පාඨමාලාව
🎓 ධම්මසඞ්ගණිප්පකරණ අධ්‍යයන පාඨමාලාව
🎓 විභංගප්පකරණ ආරම්භක පාඨමාලාව
🎓 විභංගප්පකරණ අධ්‍යයන පාඨමාලාව
🎓 කථාවත්තුප්පකරණ ආරම්භක පාඨමාලාව
🎓 කථාවත්තුප්පකරණ අධ්‍යයන පාඨමාලාව
🎓 පුග්ගල පඤ්ඤප්තිප්පකරණ ආරම්භක පාඨමාලාව
🎓 පුග්ගල පඤ්ඤප්තිප්පකරණ අධ්‍යයන පාඨමාලාව
🎓 ධාතුකථාප්පකරණ ආරම්භක පාඨමාලාව
🎓 ධාතුකථාප්පකරණ අධ්‍යයන පාඨමාලාව
🎓 යමකප්පකරණ ආරම්භක පාඨමාලාව
🎓 යමකප්පකරණ අධ්‍යයන පාඨමාලාව
🎓 පට්ඨානප්පකරණ ආරම්භක පාඨමාලාව
🎓 පට්ඨානප්පකරණ මධ්‍යයම පාඨමාලාව
🎓 පට්ඨානප්පකරණ අවසාන පාඨමාලාව
🎓 අභිධර්මාචාර්ය ප්‍රාරම්භ විභාගයේ ආදර්ශ ප්‍රශ්න හා පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
🎓 අභිධර්මාචාර්ය මධ්‍යම විභාගයේ ආදර්ශ ප්‍රශ්න හා පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
🎓 අභිධර්මාචාර්ය අවසාන විභාගයේ ආදර්ශ ප්‍රශ්න හා පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
🎓 අභිධර්ම විශාරද උපකාරක පාඨමාලාව
🎓 අභිධර්ම ටීකා අධ්‍යයන පාඨමාලාව
යන මෙම ත්‍රිපිටක ධර්ම පීඨයේ අභිධර්ම පිටක අධ්‍යයන අංශය මගින් පවත්වනු ලබන අභිධර්ම අධ්‍යන පාඨමාලාවන් හැදෑරිය හැක.

tdfaculty 2

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව නැමැති මහා වෘක්ෂයෙහි මුදුන් මුල් බඳුව වැඩ සිටි මේ මහා යතිවරයාණන් වහන්සේලා පරම්පරාවෙන් පරම්පරාවට නොසිඳ පවත්වාගෙන ආ ඒ උතුම් සසුන් ගුණ මිහිර තව තවත් රසවත් කරමින් දැල්වෙන දහම් ප්‍රදීපයක් බඳු ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමීය ත්‍රිපිටක ධර්ම පීඨය උන්වහන්සේලාට ගුරු පඬුරක් වේවා…🙏🙏🙏

Coordination & Management Division


👥 ආරාමික ත්‍රිපිටක ධර්ම පීඨයේ සංවිධායක මංඩලය (Organizing Committee of ATD faculty) අපගේ ධර්ම පීඨයේ සංවිධාන කටයුතු අංශ කිහිපයක් යටතේ සිදු කරනු ලබයි. 

නේවාසිකව ධර්ම අධ්‍යයන කටයුතුවල නිරත වන ස්වාමීන් වහන්සේලා උදෙසා කුටි සේනාසන හා යටිතල පහසුකම් සංවිධානය කිරීම.

උදෑසන දාන දහවල දාන හා සවස ගිලන්පස ආදී දාන සංවිධාන කටයුතු කිරීම. 

ගිලන් වන ස්වාමීන් වහන්සේලාට වෛද්‍ය පහසුකම් සංවිධානය කිරීම.

මහා සංඝරත්නයට ගමන් පහසුකම්  සංවිධානය කිරීම.

නේවාසික ස්වාමීන් වහන්සේලා උදෙසා සංඝ උපස්ථාන කටයුතු සංවිධානය කිරීම.

අධ්‍යයන කටයුතුවල නිරතවන ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය කරන පොත්පත් ආදී  අධ්‍යාපන උපකරණ හා අවශ්‍යතා සංවිධානය කිරීම.

සහතික ප්‍රධාන උත්සව වැනි විශේෂ උත්සව හා වාර්ෂික කඨින පින්කම් වැනි පින්කම් ආදිය සංවිධානය කිරීම. 

තිවර්ග සැප සම්පත් ගෙන දෙන මහා පාරමිතා පුරනු කැමැති සත්පුරුෂ පින්වතුන් හට අපගේ ධර්ම පීඨයේ නේවාසිකව ත්‍රිපිටක අධ්‍යයන කටයුතුවල නිරත වන ආරණ්‍යවාසී සුපේශල ශික්ෂාකාමී මහා සංඝරත්නය උදෙසා ඉහත සංවිධාන අංශ හරහා සංඝ උපාස්ථාන කිරීමට අවස්ථාව ඇත.