about us

ආරාමික ථෙරවාද ත්‍රිපිටක බෞද්ධ අධ්‍යාපනයේ පළමු හා ප්‍රමුඛතම සරසවිය වන “බෞද්ධ රාජකීය සරසවිය” නමැති තෘතීක බෞද්ධ අධ්‍යාපන ආයතනය ප්‍රතිපත්ති සද්ධර්මයට මුල් තැන දෙමින් පැරැණි මහා විහාරික ථේරවාද බෞද්ධ අධ්‍යාපන ක්‍රම නැවත ප්‍රචලිත කරමින් සිල්වත් ගුණවත් ප්‍රතිපත්තිකාමී ධර්ම විනය ධර භික්ෂූන් වහන්සේලා හා ධර්මමාමක ගිහි පින්වතුන්ලාගේ ආශ්‍රය නිශ්‍රය ලබමින් නිස්සරණාධ්‍යාශයෙන් පිළිගත් බෞද්ධ අධ්‍යාපන පාඨමාලාවන් හැදෑරිය හැකි සරසවියකි.

tripitaka study

What is BRCampus?

මෙම සරසවිය නිවන් මග ගුණ පුරන ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේලාට හා සත්පුරුෂයන්ට සද්ධර්ම නෞකාවක් බඳුව උතුම් ශ්‍රේෂ්ඨ සාසන වැඩ පිළිවෙලක් ලෙස අට්ඨකථා, ටීකා, සන්න ගැටපද සහිත ථෙරවාදී ත්‍රිපිටක ධර්මය සමග විවිධ භාෂා ශාස්ත්‍රයන්ද, සුවිශේෂී ධර්ම කොට්ඨාස හා ධර්ම ග්‍රන්ථයන් ද, නූතන ලෝකයේ සාසන කටයුතු සඳහා අවැසි තාක්ෂණික දැනුමද ඉතාම පිරිසිදුව පිළිවෙලකට ගිහි පැවිදි දෙපක්ෂයටම ලබාදීම සිදුකරයි. පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේධ යන ත්‍රිවිධ සද්ධර්මයෙහි නිස්සරණ අධ්‍යාශයෙන් මනාව පිහිටා ගත් උසස් බෞද්ධ පාඨමාලාවන්ගෙන් සන්නද්ධ වූ අපගේ බෞද්ධ රාජකීය සරසවිය විශිෂ්ට ධර්මඥානයක් සොයා යන ඕනෑම කෙනෙකුට අද්විතීය හා පරිවර්තනීය පරිසරයක් නිර්මාණය කර දෙයි. එසේම ශ්‍රී ලංකාව තුල නීත්‍යානුකූලව සංස්ථාගත කරන ලද උසස් අධ්‍යාපනික සරසවියක් ලෙස වනගත සෙනසුන්වල පැවති ඉපැරණි සම්ප්‍රදායික ආරාමික බෞද්ධ අධ්‍යාපන ක්‍රම අනුව සකසන ලද බෞද්ධ අධ්‍යාපනයෙහි පුළුල් වැඩසටහන් බෞද්ධ රාජකීය සරසවිය මගින් පිරිනමනු ලබයි. 

brcampus1

🌿 Our Values

brcampus2
ශ්‍රී ලංකාව තුල නීත්‍යානුකූලව සංස්ථාගත කරන ලද උසස් අධ්‍යාපනික සරසවියක් ලෙස වනගත සෙනසුන්වල පැවති ඉපැරණි සම්ප්‍රදායික ආරාමික බෞද්ධ අධ්‍යාපන ක්‍රම අනුව සකසන ලද බෞද්ධ අධ්‍යාපනයෙහි පුළුල් වැඩසටහන් බෞද්ධ රාජකීය සරසවිය මගින් පිරිනමනු ලබයි.  ඒ අනුව අපගේ විෂය මාලාවට බෞද්ධ දර්ශනයේ අත්‍යවශ්‍ය අංග ආවරණය වන පරිදි ථෙරවාදී ත්‍රිපිටක ධර්මය මෙන්ම අටඨකථා සාහිත්‍යය ද ටීකා අනුටීකා සන්න ගැටපද පරිවාර ග්‍රන්ථාගත සාරය කැටිකොට සහතික පත්‍ර, ඩිප්ලෝමා උසස් ඩිප්ලෝමා, උපාධි ඇතුළු පුළුල් පරාසයක අධ්‍යාපන දීමනා ඇතුලත් වේ. ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාල, ජාත්‍යන්තර බෞද්ධ සංවිධානාදිය  සමග ඒකාබද්ධව ඉපැරණි ආරාමික බෞද්ධ අධ්‍යාපනයේ නැවුම් පියවරක් තබමින් සම්ප්‍රදායික ඉගැන්වීම් සහ බුදු දහමේ සමකාලීන අර්ථ කථන යන දෙකටම සම්බන්ධ වීමට තරයේ සූදානම් බව සහතික කරමින් දැඩි අධ්‍යාපන ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට අප සරසවිය ඇප කැපවී සිටිමු.
වනගත සෙනසුන්වල භාවිත වන ත්‍රිපිටක අධ්‍යන සම්ප්‍රදායට අනුකූලව සිදු කරනු ලබන ත්‍රිපිටකාචාර්ය සහ ත්‍රිපිටක විශාරද වැනි කීර්තිමත් උපාධි පිරිනමන අධ්‍යයන පාඨමාලා අප සරසවිය තුළ ක්‍රියාත්මක වන අතර මෙම උපාධි ඒවායේ අධ්‍යයන විශිෂ්ටත්වය සහ මූලධර්ම අඛණ්ඩතාව සඳහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්ව ඇත.
ආරාමික බෞද්ධ අධ්‍යයනයන්හි අපගේ ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා වැඩසටහන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි ප්‍රවේශමෙන් නිර්මාණය කර ඇති අතර, ඔබේ අධ්‍යයන සුදුසුකම්වලට ගරු කිරීම පමණක් නොව නිසි තැන ලබා දීමට අප ඇප කැප වී සිටිමු.
සෑම ගිහි පැවිදි කෙනෙකුටම ඉපැරණි ආරාමික දහම් අධ්‍යාපනය ලබා ගත හැකි බව සහතික කිරීම අපගේ අරමුණයි. ඒ අනුව අපගේ ඩිප්ලෝමා සහ උපාධි පාඨමාලාවන් ශිෂ්‍යත්ව වැඩසටහන් හරහා සම්පූර්ණයෙන්ම නොමිලයේ පිරිනමනු ලබන අතර, සහතික පත්‍ර සැකසුම් ආවරණය කිරීම සඳහා අවම ලියාපදිංචි ගාස්තු පමණක් ඇතැම් පාඨමාලාවන් සඳහා අවශ්‍ය විය හැක. පැවිදි පක්ෂයට සහ ඉල්ලීමක් කරනු ලබන ගිහියන් සඳහා එයින්ද නිදහස් කිරීම් ලබා දෙන්නෙමු.
නූතන අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි වටිනාකම් අගයන සහතික පත්‍ර, ඩිප්ලෝමා, උපාධි යනාදී අධ්‍යාපන සුදුසුකම් ලබා ගැනීම මත පදනම්ව හෝ ධර්මානුකූල දිවිපැවැත්ම තුළින් මෙලොව සාර්ථකත්වය උදාපත් කර ගැනීම මත පදනම්ව හෝ දැහැමි පිළිවෙත තුළින් පරලොව සුගතිට පත්වීම මත පදනම්ව හෝ සසර ඕඝය තරණය කොටස නිර්වාණාවබෝධයට පත්වීම මත පදනම්ව හෝ අපගේ සරසවියේ ධර්ම අධ්‍යාපනයට යොමු වන සියල්ලන්ගේ මේ හැම අධ්‍යාශ එක් කොට නිස්සරණ අධ්‍යාශය කරාම යොමු කරවීම බෞද්ධ රාජකීය සරසවියේ සෑම පාඨමාලාවකම ඒකායන අරමුණයි.
බෞද්ධ රාජකීය සරසවි නව්‍ය මාර්ගගත ඉගෙනුම් වේදිකාව බාධාවකින් තොරව සහ නම්‍යශීලී අධ්‍යාපනික අත්දැකීමක් සියලුම ගිහි පැවිදි  සත්පුරුෂ ඔබට ලබා දෙයි. උසස් ඉගැන්වීමේ ක්‍රමවේද සහ පරිශීලක-හිතකාමී අපගේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය භාවිතා කරමින්, සිසුන්ට ලෝකයේ ඕනෑම තැනක සිට තමන්ගේම වේගයෙන් අධ්‍යයන කටයුතුවල නිරත විය හැකිය.
සෑම පාඨමාලාවකටම ලියාපදිංචි වන අයට අධ්‍යන කටයුතු කරගෙන යන අතරතුර ඇතිවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහාච පරියාප්ති ත්‍රිපිටක ධර මහා ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහය සෘජුවම ලබාදීම.

Vision

images


අතීතයේ මහා යතිවරයාණන් වහන්සේලා දිවි හිමියෙන් සුරක්ෂිත කොට අද දක්වාම රැගෙන ආ තථාගතප්පවේදිත ධර්ම විනය සංග්‍රහ වූ ත්‍රිපිටකය, අට්ඨකථා, ටීකා හා ටිප්පනි ග්‍රන්ථ, සන්න ගැටපද හා පරිවාර ග්‍රන්ථ, විනය විනිශ්චයන්, ධර්ම විනිශ්චයන් ධර්ම රස, අර්ථ රසාදියෙහි ඌනත්වයකින් තොරව පැරණි බෞද්ධ අධ්‍යාපනික ක්‍රම ද ඇතුළත් කොට නූතන විශ්ව විද්‍යාල මට්ටමේ පාඨමාලාවන් වලට කැටිකොට නව තාක්ෂණික අධ්‍යාපනික ක්‍රම උපායන් තුලින් වර්තමාන ලෝකයට ගැලපෙන අයුරින් ගිහි පැවිදි දෙපක්ෂයට ලබාදීම හා එතුළින් වර්තමාන සමාජය තුළ ධර්මධර විනයධර ප්‍රතිපත්ති කාමී ගිහි පැවිදි පිරිසක් ඇතිකොට අධර්මය අවිනය මිථ්‍යා මත ප්‍රතිභාහනය කරමින් සාදු සත්පුරුෂ සමාජයක් බිහි කිරීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි.

නූතන අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි වටිනාකම් අගයන සහතික පත්‍ර, ඩිප්ලෝමා, උපාධි යනාදී අධ්‍යාපන සුදුසුකම් ලබා ගැනීම මත පදනම්ව හෝ ධර්මානුකූල දිවිපැවැත්ම තුළින් මෙලොව සාර්ථකත්වය උදාපත් කර ගැනීම මත පදනම්ව හෝ දැහැමි පිළිවෙත තුළින් පරලොව සුගතිට පත්වීම මත පදනම්ව හෝ සසර ඕඝය තරණය කොටස නිර්වාණාවබෝධයට පත්වීම මත පදනම්ව හෝ අපගේ සරසවියේ ධර්ම අධ්‍යාපනයට යොමු වන සියල්ලන්ගේ මේ හැම අධ්‍යාශ එක් කොට නිස්සරණ අධ්‍යාශය කරාම යොමු කරවීම බෞද්ධ රාජකීය සරසවියේ සෑම පාඨමාලාවකම ඒකායන අරමුණයි.

Mission

අප සරසවියේ ප්‍රධානතම මෙහෙවර වන්නේ පරියාප්ති ශාසනය ආරක්ෂා කොට ලොව බොහෝ දෙනා හමුවෙහි විවෘත කොට බබුළුවා එය ලජ්ජීන්ගේ සන්තානයෙහි ඔපනය කොට ආගමධර ප්‍රතිපත්ති කාමී සාදු සත්පුරුෂ ජනයා සිය දහස් ගණනින් බිහිකොට ප්‍රතිපත්ති ශාසනයද සුරක්ෂිත කොට ප්‍රතිවේධ ශාසනය සැම කල්හි ලොව පවත්වා ගැනීමයි. 

ලෝකාර්ථ චරියාවෙහි නිරත සාධු සත්පුරුෂ ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලා ධර්මයෙන් පරිබාහිර ලෝකායතන විෂයන් අධ්‍යයනයෙහි උත්සහ රහිත වී නිස්සරණ අධ්‍යාශයෙන් තමන් ලද ධර්ම විනය දැනුම මත පදනම්ව නූතන ලෝකයෙහි අධ්‍යාපන මිනුම් තුළ ඩිප්ලෝමා හා උපාධිධාරී උගතුන් බවට පත් කිරීමයි.

වන සෙනසුන්වල සැඟවී සිට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට ධර්ම විනය උගන්වා ධර්ම විනය ධර සුපේශල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා සාසනය තුළ ඇති කිරීමෙහි ව්‍යාවට වූ මහා යතිවරයාණන් වහන්සේලාට හා ශිෂ්‍ය භික්‍ෂූන්වහන්සේලාට සේම ඒ නිස්සරණ අධ්‍යාශයෙන් යුතු උගත්කම්වලට නෛතික වටිනාකමක් නූතන ලෝකය තුළ එකතු කිරීමයි.