බෞද්ධ රාජකීය සරසවිය මගින් මෙහෙයවනු ලබන ධර්ම අධ්‍යයන වැඩසටහන් හා පාඨමාලාවන් සමඟ සම්බන්ධ වීමටත් සරසවි ශිෂ්‍ය ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය වෙත පිවිසීමටත් ඔබ සරසවියෙහි ලියාපදිංචි වීම අනිවාර්ය වේ. ඒ සඳහා පහත තොරතුරු ඇතුළත් කොට අප වෙත යොමු කරන්න. නැතහොත් whatsapp හෝ දුරකථන මාර්ගයෙන් අපගේ පාඨමාලා හා වැඩසටහන් සම්බන්ධීකාරකවරයෙකු සමග සම්බන්ධ වන්න. ඔහු විසින් ඔබගේ තොරතුරු ලබාගෙන ලියාපදිංචි වීම ඉතාම කරුණාවෙන් සිදුකොට දෙනු ඇත.
බෞද්ධ රාජකීය සරසවිය සමඟ ලියාපදිංචි වන ගිහි පැවිදි උතුමන්ට පහත පහසුකම් අත්විඳිය හැක.
✔️ සරසවිය මගින් පවත්වනු ලබන සියලුම ධර්ම අධ්‍යයන පාඨමාලාවන් හා වැඩසටහන් වලට සම්බන්ධ වීමේ හැකියාව.
✔️ බෞද්ධ රාජකීය සරසවි ශිෂ්‍ය ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය භාවිත කරමින් ස්වකීය අධ්‍යාන කටයුතු පහසුවෙන් සිදුකර ගැනීමට අවස්ථාව උදාවීම.
✔️ සියලුම පාඨමාලාවන් හා වැඩසටහන් සමග සම්බන්ධ වීමට, ඩිප්ලෝමා, උපාධි හා සහතිකපත් ප්‍රධානය කිරීමේදී මෙන්ම සරසවිය සමග සිදු කරනු ලබන සියලු කටයුතුවලදී ඔබව හඳුනා ගැනීමට ශිෂ්‍ය ලියාපදිංචි අංකයක් ලැබීම.
✔️ රජයේ නීත්‍යානුකූලව ලියාපදිංචි බෞද්ධ උසස් අධ්‍යාපන සරසවියකින් ලබා දෙනු ලබන ශිෂ්‍ය හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකිවීම.
✔️ බෞද්ධ රාජකීය සරසවියේ නිල ලාංඡනය ඇතුළත් T-Shirts හා Caps ආදිය ලබා ගැනීමට හා අභිමානවත් බෞද්ධ අධ්‍යාපනික සරසවියක සාමාජිකයෙකු වීම.
✔️ සරසවිය මගින් සංවිධානය කරනු ලබන සියලුම ශාසනික පින්කම් හා වැඩසටහන්වලදී මෙන්ම උත්සව අවස්ථාවලදී ද ප්‍රමුඛස්ථානයක් ලැබීම.
✔️ තථාගත ධර්ම විනය දැන උගත් ගිහි පැවිදි උතුමන් ඇති කොට පරියාප්ති සද්ධර්මය ලොව බබුළුවා එතුළින් ප්‍රතිපත්තිකාමී සිල්වත් ගුණවත් උතුම් ගිහි පැවිදි සත්පුරුෂයන් ඇති කරමින් ප්‍රතිපත්ති සද්ධර්මය ලොව බබුළුවා නව ලොව්තුරු ප්‍රතිවේධ ශ්‍රී සද්ධර්මය ලොව නොසිඳී පවත්වා ගැනීමට අතීතය හා වර්තමානය එකතු කොට සරසවිය මගින් කරන්නා වූ මේ ව්‍යායාමයෙහි කොටස්කරුවෙකු වීම.
පාඨමාලා හා සරසවියේ ලියාපදිංචිය සඳහා පහත තොරතුරු නිවැරදිව පුරවා අප වෙත යොමු කරන්න.
*පාඨමාලා ලියාපදිංචිය සිදුකරන අවස්ථාවේදී යම් සහයක් අත්‍යවශ්‍ය වුවහොත් අපගේ සරසවියේ සම්බන්ධීකාරක නියෝජිතයෙකු අමතන්න. / If you require any assistance during course registration, please contact one of our university coordinators.